iranama
හත් වැන්නේ බ්රහස්පතී
ලෞකික ආශාවන් කෙරේ ඇලී ගැලී කටයුතු නොකරන බ්‍රහස්පති රාගාධික ග්රහයෙකු නොවේ. හත්වැන්න, විවාහය හා ලිංගික සැපත නියෝජනය කරන ප්‍රධාන ස්ථානයකි. බ්‍රහස්පති හත්වැන්නේ සිටින්නෝ විවාහයට අවතීර්ණය වන්නේ තම වුවමනාවට වඩා අන්‍යයන්ගේ වුවමනාවටය. මෙවැනි පුද්ගලයන්ට ලිංගික ජීවිතයේ එතරම් අවශ්‍යතාවක් නොවේ.
හත් වැන්නේ බ්රහස්පතී සිටින අයගේ විවාහය හේතුවක් නොමැතිව ප්‍රමාද වනු ඇත. වෙනත් ප්‍රබ යෝග නොමැති නම් අවිවාහකව සිටීමට ද පිළිවන.
බ්රහස්පතී හත් වැන්නේ සිටින අය විවාහ වී කාලයත් ගතවීමෙන් අනතුරුව ලිංගික ජීවිතය කෙරේ කලකිරීමට පත්වෙති. පිිරිමියෙකුගේ කේන්ද්‍රයේ හත් වැන්නේ බ්රහස්පතී සිටින විට විවාහ වී වසර දහයක් හෝ ඊට ආසන්න කාලයක් ගෙවුණු විට ඔහු ලිංගික තෘප්තියෙන් ඈත් වේ. නැතහොත් වුවමනාවෙන් ම සහකාරිය මගහරිනු ඇත.
බ්රහස්පතී හත් වැන්නේ සිටින පුරුෂයකු සඳු, සිකුරු, අඟහරු වැනි බලවත් කාමාධික ග්‍රහයන් බලවත් කාන්තාවක සමඟ යුග දිවියට එළඹිය හොත් විවාහය නොසිතූ මොහොතක බිඳවැටෙනු ඇත. කාන්තාවකගේ කේන්ද්‍රයේ බ්රහස්පතී හත් වැන්නේ නම් ඇය ලිංගික ජීවිතයට අවතීර්ණය වන්නේ දරුවන් ලබා ගැනීමේ අභිප්‍රායෙනි. විවාහයෙන් අනතුරුව කාලයක් ගතවීමෙන් පසු ඇයට ඇගේ සැමියාට පවා ලිංගික සේවනය සඳහා යොමුකර ගැනීමට අසීරුවනු ඇත.
හත් වැන්නේ බ්රහස්පතී සිටින්නෝ විවාහ ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් ඇත. එහෙත් ලිංගික ජීවිතයට අකමැතිය. ඔවුන්ගේ ලිංගික ආශාවන් පවතින්නේ විවාහ වී කෙටි කාලයක් තුළ පණි. බ්රහස්පතී හත් වැන්නේ සිටින අයගේ වෙනත් බලවත් අතිධාවන කාමයෝග යෙදී තිබුණ ද එම යෝගයන්ට පවා බාධා පැමිණෙන අවස්ථා ඇති කෙරේ. ලිංගික ජීවිතය අසාර්ථක වුවහොත් විවාහය පවත්වා ගෙන යෑමට බාධාවකි. එබැවින් හත් වැන්නේ බ්රහස්පතී සිටින අය විවාහයට පිවිසීමට පෙර මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
සිය සහකරුගෙන් හෝ සහකාරියගෙන් ලිංගික තෘප්තිය නොලබා වෙනත් කෙනෙකුගෙන් ලිංගික තෘප්තිය ලැබීමට යෑමෙන් ඇති කෙරෙන අතුරු ප්‍රතිඵල බොහෝ ය. ඒ ඔස්සේ සීමාව ඉක්මවීමෙන් අනතුරුව ඉදිරියට ගමන් කළහොත් විවාහය බිඳ වැටීමට එය ප්‍රධාන සාධකයක් වනු ඇත.
හත් වැන්නේ දී බ්රහස්පතී සමඟ සෙනසුරු වැනි පාප ග්රහයෙකු සම්බන්ධ වුවහොත් එම පුද්ගලයාගේ ලිංගික ජීවිතය පූර්ණ වශයෙන්ම අඩාල වේ. හත් වැන්නේ සිටින බ්රහස්පතී සමඟ ලෞකික ආශාවන්ට නැඹුරු නොවූ ග්රහයෙකු සංයෝගවීම වඩාත් අහිතකර ය. එපමණක් නොව, එවැනි ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් පවා අහිතකර බලපෑම් ඇති කෙරේ. හත් වැන්න බ්රහස්පතීට නීච හෝ සතුරු රාශියක් වුවහොත් විවාහය බිඳ වැටීමට ඇති ඉඩකඩ ප්‍රමාණය ඛෙහෙවින් වැඩි කෙරේ. බලවත් පාප ග්‍රහයන්ගේ මහ දශාව හෝ එම ග්‍රහයන් වාරයෙන් හත් වැන්නට පැමි